අනේ...!!!
අන්ධ මට ඇහැක් දෙන්න...
ඔබ බලා අවසන් වූ,
දෙනෙත් පරිත්‍යාග කරනතෙක් තව කෙනෙක්,
මග බලන් සිටියි.....
-අක්ෂි දාන ව්‍යාපාරය-
බෑ පුතුනේ,
මගේ ඇස් දෙක අන්ධ ඔබට දෙන්න....
මගේ වයස අදට අවූරුදු 68 ක් වෙනවා.
පාසල් ගියා. විභාග පාස් කළා, රැකියා කළා,
විවාහ උනා, දරුවන් හැදුවා,
සමාජ වැඩ කළා, සතුටු උනා, දුක් උනා,
ජරාවට ගියා, මරණයට ළං වුනා.
මෙච්චර කලක් ගත වන තුරු මගේ ඇස් දෙක,
මා රවටා ඇති බව මට තේරුනේ මෑතකදීය,
මගේ ඇස් දෙක අවලස්සන දෑ ලස්සන කර පෙන්නුවා.
අමිහිරි දර්ශන මිහිරි කර පෙන්නුවා,
ජරාවට යන දෑ සුන්දර කර පෙන්නුවා,
පුතේ!
ඇස මා රැවටු නිසා,
මම රාගයෙන් පිච්චුනා, ද්වේශයෙන් දෑවූනා
මෝඩකමින් අතරමං වූනා,
මගේ සංසාරය තව තවත් දික් කර ගත්තා,
පුතුනේ, මේ සත්‍යය මටම වැටහුනේ මෑතක දී ය,
දැන් මම, මගේ දෑසින් රුප දැක,
එහි ආස්වාදය නොවිදීමට වෙහෙසෙමි,
එහි අස්ථිර බව දකිමි,
රූපය ගෙන කලකිරෙමි,
මගේ දෑස නිවා ගැනිමට මම වෙහෙසෙමි,
පුතුනේ, ඔබද මේ ධර්මය දැකිමට කැමති නම්,
මගේ ඇස් දෙක උදුරා උගුලා ඔබට දෙන්නෙමි,
ඉන් පසු ඒ දෑසින් මා මෙන් නොරැවටී,
ධර්මය දකින්න වෙහෙසෙන්න,
ඔබට බුදු සරණයි!
- භික්ඛු ආනන්ද - බුද්දංගල
(මේජර් ජනරාල් අනන්ද වීරසේකර)
No comments:
Post a Comment